2020-01-30 21:52:53
“අප විශ්වාසය තැබිය යුත්තේ සතුරා නොපැමිණීමේ සම්භාවිතාව මත නොව, ඔහුව මුණගැසීමට ඇති අපගේම සූදානම මතය. මේ අනුව, නැගී එන අභියෝග හඳුනා ගැනීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතර ඒවා ඵලදායී හා කාර්යක්ෂමව විසඳීමට අත්‍යවශ්‍ය හැකියාවන්ගෙන් සන්නද්ධ විය යුතුය. මෙම සන්දර්භය තුළ, සයිබර් අවකාශය සහ යුද හමුදා සාමාජිකයින් අතර එහි ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා මෙවැනි වැඩසටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.”
2020-01-29 22:38:52
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය - 2019 අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය බඳාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිණුම් තටාකයේ දී පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.
2020-01-27 14:13:38
ශ්‍රි ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත අද (27) දින සපැමිණි පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සෆර් මහමුද් අබ්බාසි, එන්.අයි (එම්) (Naval Staff Admiral Zafar Mahmood Abbasi) වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානූකූල ඉතා උණුසුම් පිළිගැනිමක් ලබා දෙන ලදී.
2020-01-25 15:14:31
විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරන ලද නවීනතම විශේෂඥ පහසුකම් පිරි ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය සෙනසුරාදා (25) දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.
2020-01-24 14:04:39
කලාපයේ ආරක්ෂාව, සුපරික්ෂාකාරී බව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සිංගප්පූරුවේ දී ජනවාරි මස 20 සිට 22 දින දක්වා තෙදින තුළ පැවැති 8 වන ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ෆුලර්ටන් (Fullerton) සමුළුව ‘ෂැන්ග්‍රි-ලා සංවාද ෂෙර්පා හමුව’ සඳහා රටවල් 25 කට අධික ප්‍රමාණයක ආරක්ෂක නිලධාරීන්, ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, පර්යේෂණ විශ්ලේෂකයින් සහ රාජ්‍ය නොවන විශේෂඥයින් සියදෙනෙකුට වැඩි පිරිසක සහභාගිත්වයෙන් පැවතිනි.
2020-01-17 17:33:25
ජනාධිපති ‘රණ පරශුව’ සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ යන සම්මානයන්හී ගෞරවයට පාත්‍ර වූ රෙජිමේන්තුවක් වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ 23 වන සංවත්සර දිනය යෙදී තිබු අද (17) දින උදෑසන සංවත්සර දින සැමරුම නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වර්ණවත් වැඩසටහන් මාලාවක් සමගින් පැවැත්විණි.
2020-01-14 23:23:16
දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල් සහ යුද්ධ හමුදා බලසේනා, ඒකක සහ කණ්ඩායම්හී දහස් ගණන් යුද්ධ හමුදා භටපිරිස් සාතිශය සංවේගයෙන් යුතුව තියුණු ලෙස අත්වැල් බැඳගනිමින් 2020 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව තුල ඇති වූ මාරාන්තික ලැව්ගින්නෙන් මියගිය ඕස්ට්‍රේලියානු ජනතාව සහ සතුන් මෙන්ම ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් ආපදාවලට ජීවිත බිලි වූ සියළු දෙනා වෙනුවෙන්...
2020-01-14 10:59:56
නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ දක්වා ඇති පරිදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘තුරු මිතුරු නව රටක්’ වනාන්තර සහ නගර අලංකරණ ව්‍යාපෘතියේ දෙවන අදියර අද (14) දින උදෑසන දියත් කරන ලදී.
2020-01-11 09:21:03
රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සදහා විදෙස් සිසුන් ද ආකර්ශනය කරගත හැකිය. උසස් අධ්‍යාපන ක්ෂේත්රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයනමාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව ජනාධිපතිතුමා කියා සිටී.
2020-01-08 18:32:32
සියලුම ජාතින්ට අයත් අසරණ දුප්පත් ජනතාවගේ දුක්වේදනා සමනය කිරීම සඳහා අනුපමේය මෙහෙයක් ඉටුකළ “මහණෙනි, මහජනයාගේ හිතසුව පිනිස අර්ථයෙන් ධර්මයෙන් එවුන් දැනුවත් කරන්න” යන බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින් භික්ෂුන් වහන්සේලාට නායකත්වය ලබාදුන් දිඹුලාගල නායක හිමිපාණන් නමින් ප්‍රචලිත පූජ්‍ය කිතලගම සිරි සීලාලංකාරාභිධානි නායක හිමිපාණන් වහන්සේගේ සංකේතාත්මක ජිවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් අද (08) දින උදෑසන දිඹුලාගල ගල් ගුහා විහාරස්ථානයට දෙසට ඇති මඩකලපුව මංසන්දියේ දී උත්සවශ්‍රියෙන් නිරාවරණය කරනු ලැබීය.