2023-10-10 18:41:41
ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන් කරමින් මව්බිමට තිරසාර සාමය උදාකරදීම වෙනුවෙන් ‘ජාතියේ ආරක්ෂකයා’ වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔක්තෝබර් මස 10 දිනට වසර 74 ක් සැපිරේ. එය සමරනු වස් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2023-10-10 00:23:13
2023-10-07 12:21:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
2023-10-06 16:31:02
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනය’ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පැවැත්විණි.
2023-10-05 20:37:23
ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදි දී බ්‍රහස්පතින්දා (05) දින පැවැත්විණි.
2023-10-04 18:41:10
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් පසුගිය බදාදා (04) දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. එහිදී, යුද්ධ හමුදා සේවයේ නියුුතු මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ඉස්ලාමීය ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරනු ලැබීය.
2023-10-04 10:25:51
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 03) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
2023-10-03 12:09:02
වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී ඇති 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව සඳුදා (ඔක්තෝබර් මස 02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී යුද්ධ හමුදා දිනයට ආශිර්වාද එක්කිරීම සඳහා යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.
2023-09-28 21:33:43
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 28) දින පැවැත්විණ.
2023-09-28 08:15:22
වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සිදුකරනු ලබන ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් මාලාව දිවයින පුරා රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පසුගිය බදාදා (27) දින පැවැත්විණි.