2023-12-01 17:44:47
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2023’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.
2023-11-27 09:03:54
ආරක්ෂක සේවා ක්‍රීඩා උත්සවයේ ‘ශූරතා ප්රදානය කිරීම’ සහ ‘ආරක්ෂක සේවා ක්‍රීඩා 22/23’ හි 12 වන සංස්කරණයේ සමාප්ති උත්සවය පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2023-11-23 15:31:54
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
2023-11-20 20:06:17
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වැඩමවා වදාළ භික්ෂූනීන් වහන්සේලා 5000 ක් වෙත ‘පිරිකර’ සහ දානය පිරිනැමීම වෙනුවෙන් බොල්ලෑගල, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවැත්වූ ආගමික උත්සවයට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) උපකුලපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නායක හිමියන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-11-10 21:53:03
වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වීරෝදාර කාන්තා සෙබළියන් සිහිකරමින් බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය...
2023-11-09 20:39:41
එක්සත් ජනපද පැසිපික් විශේෂ මෙහෙයුම් විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජෙරොමි බී. විලියම්ස් (Rear Admiral Jeromy B. Williams) ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමරිකා එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවී යුද්ධ හමුදා පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකරනු ලැබීය.
2023-11-02 12:08:17
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 33 වන සංවත්සරය පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-10-27 16:39:52
‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය - 2023’ හි ත්‍යාග ප්රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසි ගේ ප්‍රදානත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ...
2023-10-23 13:47:00
පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉෆ්තිකාර් හසාන් චවුද්රි (Major General lftikhar Hassan Chaudhary) ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පකිස්ථානයේ කාකුල් (Kakul) හි යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති කෙඩෙට් නිලධාරී විසිරයාමේ පෙළපාලියෙහි ගෞරවණීය ආරාධිතයෙකු ලෙස පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින සහභාගී විය.
2023-10-16 13:24:35
නීර්භීත සහ වීරත්වයෙන් යුත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සංවත්සර දිනය ඔක්තෝබර් මස 14 දිනට යෙදී තිබෙන අතර එම රෙජිමේන්තුවේ අභිමානවත් 40 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් අද (14) දින එම රෙජිමේන්තු පරිශ්‍රයේ සැමරුම් උත්සවයක් පැවැත්වීය.