2016-12-26 15:13:57
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.
2016-12-24 21:00:00
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියළුම නිළධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
2016-12-24 13:33:37
අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයකට අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අවස්ථාවට සපැමිණි අතර, මියගිය රණවිරුවන්ගේ සිය ගණනක් වූ ලඟම ඥාතීන් තමන්ගේ ආදරණීයයන් හට ගෞරව දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.
2016-12-21 22:05:40
යුද හමුදා ක්‍රිස්තියානි සංගමය මගින් නත්තල් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය (21) සන්ධ්‍යාවේ නෙළුම්පොකුණ රඟහලේ දී සම්භාවනීය අමුත්තන් රැසක් ඉදිරියේ පවත්වනු ලැබීය.
2016-12-17 15:44:12
මව්බිමට සේවය කිරිමේ අරමුණින් ජාතියට දායාද කරනු ලැබූ තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් කාන්තා නිලධාරීනියන් ද ඇතුලුව විසිරයාම අද (17) උදෑසන දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ දී උත්සවාකාරයෙන් පැවැත්විය.
2016-12-16 13:52:43
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව අවශ්‍යතාවය මත යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ බ්‍රහස්පතින්දා (15) දින වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ මියගිය තවත් යුද හමුදා නිලධාරීයෙකුගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් නව නිවසක් පිරිනමන ලදි.
2016-12-14 09:20:51
යුද හමුදා භට පිරිස් ඇතුලුව ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් ටජිකිස්තාන් ජනාධිපති ඉමෝමලි රාහමොන් මැතිතුමා වෙත අඟහරුවාදා (13) දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමා ගෞරව පුද කරන ලදි. එහිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රාජ්‍ය හා ත්‍රිවිධ හමුදා......
2016-12-13 12:28:23
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කරන ලද තවත් ශිෂ්‍ය නිලධාරින් පිරිසක් වෙත උපාධි ප්රදානය කිරීමේ උත්සවය සඳුදා (12) දින පැවැත් වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 ක් සහ විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 12 ක් මෙම පාඨමාලාව හදාරනු ලැබීය.
2016-12-09 16:40:27
රණවිරුවන් සහ රණක්ෂිතයට පත් විරු පවුල්වල සාමාජිකයන් වෙත, රජයේ සහ පෞද්ගලික අංශයන් හි වෙළඳ නිෂ්පාදන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් සඳහා ප්රතිලාභ සහ වට්ටම් හිමිවන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක් සිකුරාදා (09) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.
2016-12-08 15:57:39
විශ්‍රාමික යුද හමුදා කෝප්රල් එස්.ඩබ්ලිව් කරුණාදාස (44) ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ‘යාල් දේවී’ දුම්රියෙහි සිදුවෙන්නට ගිය හදිසි අනතුර වළක්වා දෙදහසක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අනතුරෙන් වළක්වා ගැනීමට යුහුසුළුව ක්‍රියා කිරීම ඇගයීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහු හට සඳුදා (8) දින යුද හමුදා මූලස්ථාන නිල කාර්යාලය වෙත ආරාධනා කරනු ලැබීය.