2017-01-22 07:35:19
හම්බන්තොට 12 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අද (21) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. එහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සමඟින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් පිළිගන්නා ලදි.
2017-01-20 17:14:08
කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
2017-01-20 09:52:48
‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරිය හට හිමි වු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා (19) දින හොරණ, ප්රබුද්ධගම රණවිරු ගම්මානයේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.
2017-01-16 09:32:53
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ඌරණි, තායිඩ්ඩි (නැගෙනහිර) සහ නල්ලිනාක්කපුරම් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදෙමින් වසර 27 කට පසු සෙනසුරදා (14) දින ජනතා අයිතියට පත් කරන ලදි.
2017-01-13 14:58:35
සීඝ්රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.
2017-01-09 17:05:48
අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින් ගම්මට්ටමින් ගොවි ප්‍රජාව හට නවීන සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හා ගොවිතැන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
2017-01-04 15:42:27
යුද හමුදා මුලස්ථානයේ 2017 වසරේ පළමු වැඩකරන දින (ජනවාරි 02) උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. සදුදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානවල පැවති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සව වලින් අනතුරුව දවසේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය - 2017’ දැක්ම පිළිබද විකාශය වූ වැඩසටහන නැරඹිම සදහා යුද හමුදා සාමාජිකයින් හට අවස්ථාව ලබාදෙන ලදි.
2017-01-02 15:15:47
රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී අතිගරු ජනාධිපතිතුමාගේ ‘ඳිළිදුකම පිටුදැකීමේ වර්ෂය’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටේ සමෘද්ධිය සඳහා අඛණ්ඩව කැපවීම හා සියලුම මට්ටම්වල විනය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් වෘත්තීය මට්ටමින් 2017 වර්ෂයේ දී යුද හමුදාවේ ප්‍රමුඛතාවය විය යුතුබව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (02) දින යුද හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අවධාරණය කරන ලදි.
2016-12-31 22:05:41
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
2016-12-30 17:13:01
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මහජන චින සමුහාණ්ඩුවේ ආරක්ෂක උපදේශක අද (30) දින පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී වෙන්වෙන් වශයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.