2017-02-13 14:56:42
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ පෞද්ගලික දානපතීන්ගේ අනුග්‍රහය ඇතිව, වන්නි හි පිහිටි නැවත පදිංචි කල වෙහෙරතැන්න ගම්මානයේ අඩුආදායම්ලාභී පවුල් 04 ක් සඳහා ඉදිකරදුන් නව නිවාස සෙනසුරාදා (11) දින විවෘත කරන ලදි.
2017-02-09 11:21:32
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය (CWC) මඟින් සංවිධානය කරනු ලබන රසායනික සිදුවීම් සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ මූලික පාඨමාලාවක් පෙබරවාරි මස 06 වන දින සිට 10 වන දින දක්වා කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.
2017-02-06 12:06:43
යුද හමුදා සාමජිකයින් තුල ශාරීරික යෝග්‍යතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සඳුදා (06) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි මුතුකුමාරු ක්‍රීඩාංගණයේ දි ශාරීරික පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
2017-02-04 12:14:03
දිළිඳුභාවය තුරන් කිරීම සඳහා කැපවෙමින් සහ ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව හා සමගිය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘ජාතික සමගිය’ තේමාව කරගත් අභිමානවත් 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සෙනසුරාදා (04) දින උත්කර්ශවත් අයුරින් සමරන ලදි.
2017-02-03 09:09:48
අංගොඩ, ගොතටුව හි පිහිටි අයිඩිඑච් (IDH) රෝහලේහි ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව මඟින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය බ්‍රහස්පතින්දා (02) දින ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදි.
2017-02-01 17:53:11
බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.
2017-01-31 10:39:06
ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.
2017-01-29 08:31:09
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක වෙන්වෙන් වශයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. අර්ධද්වීපයේ ඩෙංගු මරණ සහ ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් රජයේ බලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිනි. මීට පෙර ද ජනවාරි මාසයේ (7 -8) පාසල් 67 ක මෙවැනිම වැඩසටහනක් ක්‍රියාවට නැංවිය.
2017-01-27 23:21:31
යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂ දක්ෂතා අගය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් එක් වඩා උද්යෝගිමත් මෙන්ම ගෞරවාන්විත ව්‍යාපෘතියක් වන ‘වර්ණ රාත්‍රිය -2016’ උත්සවය සිකුරාදා (27) සන්ධ්‍යාවේ ක්‍රීඩා අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක රාජ්‍ය ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති යන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පවත්වන ලදි.
2017-01-25 18:07:10
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 62 වන සේනාංකයේ ස්ථාපිත 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ‘ආර්යා’ පදනම හා එක්ව 2014 වර්ෂයේ තන්තිරිමලේ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ...