2017-04-30 19:49:44
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්නගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලී ප්‍රතිචාර බලඝණය (CBRN), ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාවේ සහ අනෙකුත් තාක්ෂණික විශේෂඥයින්ගේ සහය ඇතිව යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් මීතොටමුල්ල කසල කන්දේ ඉදිරියේදී ඇතිවිය හැකි විනාශයන් වැලැක්වීම සඳහා ඝණ පස් බැම්මක් ඉදිකරමින් සිටින අතර, දූෂණය වූ ජලය ඉවත්කිරීම සඳහා අපවහන ජල පද්ධතියක් ඇතිරීම මෙන්ම මීතේන් වායුව විමෝචනය මැනීමේ කටයුතුවල අඛණ්ඩව නියැලෙමින් සිටියි.
2017-04-26 18:37:12
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බදාදා (26) දින උදෑසන ආබාධිත රණවිරුවන් 115 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින රාගම රණවිරු සෙවණේ සංචාරයක නිරත විය. රණවිරු සෙවණ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක රැදිසිටින ආබාධිත රණවිරුවකු විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අතර යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුනරුප්තාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාවුකරසු, රණවිරු සෙවණේ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2017-04-25 13:25:20
දිවයිනේ සංචාරයක නිරතව සිටින පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) 21 දෙනෙකුගෙන් සමන්විත හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි සඳුදා (24) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවු නියෝජිත පිරිසේ ප්‍රධානි කොමදෝරු සහිඩ් සොහයිල් රාඕ......
2017-04-23 21:47:40
මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයේ දැනට ජිවත්වන සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින කසල කන්ද නාය යෑමෙන් එම ප්‍රදේශයේ පවතින අවධානම් තත්වය බැහැර කිරිමේ අරමුණින් පොලිතීන් යොදා ආවරණය කරනු ලබන අතර, මේ වන විට රජය විසින් විපතට පත්වු අයවලුන් සඳහා නිවාස සහ අනෙකුත් පහසුකම් සැපයිමේ කටයුතු වල නිරතව සිටියි.
2017-04-20 14:49:18
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (20) දින සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.
2017-04-18 12:20:40
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
2017-04-17 20:04:52
බහුවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා භට පිරිස් සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් සමඟ එක්ව අද (17) උදෑසන වන විටත් විපතටපත් මීතොටමුල්ල ප්‍රදේශයේ දී බර යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සහන සේවා කටයුතුවල නිරත වූ අතර, තවදුරටත් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එම ස්ථානයේ අනතුරට පත්වුවන් සෙවිමේ කටයුතු සිදු කරනු ලබයි.
2017-04-14 02:04:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2017-04-13 08:22:05
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරු නිකේතනයේ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරන ලදි. මෙහිදී පැරණි චාරිත්‍ර වාරිත්‍ර සඳහා මුල්තැනක් දෙමින් ‘මිහිඳු සෙත් මැඳුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ 2017 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමරන ලදි.
2017-04-11 09:19:49
ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ‘අභිමන්සල’, ‘මිහිදු සෙත් මැදුර’ සහ ‘රණවිරු සෙවණ’යන ස්ථානයන් හී නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සඳහා නව කිහිලිකරු යුගල් 100 ක් සහ රෝද පුටු 10 ක් අද (10) පුන් පොහෝ දින සවස ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ප්රදානය කරන ලදී.