2024-01-03 11:45:30
2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ රණක්ෂිතයට පත්ව නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
2023-12-31 22:37:40
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, 2024 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2023-12-30 15:18:34
ශ්‍රී ලංකා සංඥා බලකාය යටතේ නවතමයෙන් ස්ථාපනය කරනු ලැබූ 2 සංඥා බලසේනාව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2023-12-24 23:52:33
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2023-12-23 13:53:55
යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023 අවසන් මහා තරගය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-12-22 15:32:08
අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින පස්වරුවේදී නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
2023-12-16 17:00:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත්ම අධ්‍යාපන ආයතනය වන දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරීන් 279 දෙනෙකු තම මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින අභිමානවත් පෙළපාලියකදී විසිර ගියහ.
2023-12-14 11:04:50
ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලේ වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 9 සාර්ථකව හදාරනු ලැබූ යුද්ධ හමුදාවේ නිලධාරීන් තිස්දෙදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්රදානෝත්සවය පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.
2023-12-12 09:15:48
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය ඉන්දීය සංචාරය අතරතුර පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ඉන්දියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන් පීවීඑස්එම් යූවයිඑස්එම් ඒවීඑස්එම් එස්එම් වීඑස්එම් (General Anil Chauhan PVSM UYSM AVSM SM VSM) හමුවිය.
2023-12-04 18:50:38
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (General Manoj Pande PVSM AVSM VSM ADC) ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින ඉන්දියාවේ, නවදිල්ලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.