යුද්ධ හමුදා මූලස්ථානයේ නව මාණ්ඩලික ප්‍රධාන රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
මෙම ධූරය සඳහා පත්වීමට ප්‍රථම සිය හමුදා දිවියේ පුළුල් අත්දැකීම් තුළින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරය හෙබවීය.
ධූරයේ රාජකාරි කටයුතු භාරගත් නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සුබපැතුම් පිරිනැමුණු අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඡායාරූප කිහිපයකට ද ඔවුන් පෙනීසිටියහ.
මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ සෙසුනිලයන් නව මාණ්ඩලික ප්‍රධාන වෙත සිය සුබපැතුම් පිරිනැමූහ.