31st August 2025
මාතර ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන උග්‍ර පානීය ජල හිඟයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුඩාව, නිල්වලා ගඟේ ඉදිකර ඇති ලවණ බාධකයට අමතරව යාබදව තවත් තාවකාලික ලවණ බාධකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. 2025 අගෝස්තු මස 29 සහ 30 යන දිනයන්හිදී සිදුකරන ලද මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු සඳහා 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පූර්ණ සහයෝගය ලබාදෙන ලදී.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ආරම්භ කර ඇති මෙම ව්‍යපෘතිය මඟින් පවතින වියළි කාලගුණික තත්ත්වය තුළ පොම්පාගාරවලට ලවණ ජලය ඇතුළුවීම වලක්වනු ලබයි. ඒ අනුව, තාවකාලික බාධකයක් ලෙස වැලි කොට්ට යොදා පොම්පාගාර වෙත ලවණ ජලය ගලා ඒම අවහිර කිරීම සිදුකරයි.
මෙම ව්‍යපෘතිය මගින් මාතර ප්‍රදේශයේ ජනතාවට නැවතත් අඛණ්ඩව පානීය ජල සැපයුමක් ලබාදීම සඳහා ප්‍රදේශයේ පොම්පාගාර පැය 24 පුරාම ක්‍රියාකරවීමට හැකි විය.