16th December 2025
යුද්ධ හමුදා එල්ලේ කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය - 2025, දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී 2025 දෙසැම්බර් මස 12 වන දින අවසන් වූ අතර, එම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු දොළහක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.
පිරිමි අංශයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා පාබල හමුදා එල්ලේ කණ්ඩායම විසින් යුද්ධ හමුදා සේවා බලකා එල්ලේ කණ්ඩායම පරාජය කරමින් ශූරයන් බවට පත් වූ අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා එල්ලේ කණ්ඩායම විසින් තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.
කාන්තා අංශයේ එල්ලේ ශූරතාවය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා එල්ලේ කණ්ඩායම විසින් හිමිකර ගත් අතර, අනුශූරතාවය 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා එල්ලේ කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.
සමාප්ති දින උත්සව අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, සහභාගි විය.