විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨ කාර්ය සම්පාදන ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මේජර් ජෙනරල් එච්.පී.අයි පෙරේරා RWP RSP, 2025 දෙසැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ:

1991 අගෝස්තු මස 26 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 36 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එච්.පී.අයි පෙරේරා RWP RSP දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 ජුනි මස 19 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් මස 27 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට භඨ කාර්ය සම්පාදන ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 4 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන සහ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මාණ්ඩලික නිලධාරි III සහ විධායක අධිකාරි, 3 වන බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, 2 වන බලඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකාරක වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, පාබල පුහුණු මධ්‍යස්ථායේ පුහුණු අංශ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (විධායක ජෙනරාල්), යුද්ධ හමුදා මූලස්ථාන මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ බලසේනාධිපති, 612 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකාරක, භඨකාර්ය සම්පාදන ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ වික්‍රම පදක්කමෙන් (දෙවරක්) සහ රණ ශූර පදක්කම පදක්කමෙන් (දෙවරක්) පිදුම් ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී තරුණ නිලධාරින්ගේ පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරින්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව සහ තරුණ පාබල නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, යාන්ත්‍රික පාබල රථ පාඨමාලාව - ඉන්දියාව වැනි දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.