ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වෙයි

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 2025 ජූලි මස 01 දින සහභාගි විය.

එම උත්සවයේදී සිසුන් 124 දෙනෙකු නව ශිෂ්‍ය නායකයන් ලෙස සංකේතාත්මකව නිල ලාංඡන පැලඳ විය.

මෙම උත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, විදුහල්පති, ගුරුවරුන් සහ සිසුසිසුවියන් සහභාගි වූහ.