පනාගොඩ, ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී විශේෂ ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක්

පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී විශේෂ ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක් 2026 ජනවාරි මස 08 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන එක්සත් රාජධානියේ උපදේශකයින් පිරිසක් විසින් මෙහෙයවන ලද අතර, එහිදී Living Well Taekwondo Academy යෙහි ප්‍රධාන උපදේශක ග්‍රෑන්ඩ් මාස්ටර් ඩෙරෙක් සම්නර් විසින් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන් සඳහා වටිනා තාක්‍ෂණික, උපක්‍රමික සහ දිරිගැන්වීමේ පුහුණුවක් ලබා දෙන ලදී.

මෙම පුහුණු වැඩමුළුවේදී නූතන තරඟකාරී උපායමාර්ග, උසස් සටන් ක්‍රමවේද සහ ජාත්‍යන්තර පුහුණු ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ අතර, එමඟින් සහභාගිවන්නන්ගේ වෘත්තීය මට්ටම වැඩි දියුණු කරනු ලැබීය. යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc ගේ මඟපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩමුළුව පවත්වන ලදී.