කතරගම වාර්ෂික පාද යාත්‍රාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 ජුනි මස 20 දින සිට 2025 ජූලි මස 04 දින දක්වා ඔකද සිට කතරගම දක්වා වාර්ෂික පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් සඳහා සහයෝගය ලබා දෙනු ලබයි. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම අධීක්‍ෂණය යටතේ සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 122 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ නායකත්වයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුමේ සිට කටගමුව දක්වා යුද්ධ හමුදා සාමාජිකයන් වන්දනාකරුවන්ට ආරක්‍ෂිතව ගමන් කිරීම සඳහා මාර්ගයන් ස්ථාපිත කර ඇති අතර, එම මාර්ගයන්හි ගමන් කරන බැතිමතුන් සඳහා අවශ්‍ය සහයෝගයන් ලබාදෙනු ලබයි. එසේම, වරහන සහ කටගමුවෙහි වෛද්‍ය කඳවුරු පිහිටුවා ඇති අතර, එම වෛද්‍ය කඳවුරුවලින් දිනකට පුද්ගලයින් 3,500 කට වැඩි පිරිසකට ප්‍රතිකාර ලබා දෙනු ලබයි.

යුද්ධ හමුදා භටපිරිස් කටගමුවේදී දන්සලක් පවත්වමින් දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය ආහාර පිරිනමනු ලබයි. එසේම තුවාල ලබන බැතිමතුන් රැගෙන සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සංවිධානය කර පවතින අතර, බැතිමතුන් ගමන් කරන මාර්ගය පුරාවට පිරිසිදු පානීය ජලය, ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් සපයනු ලබයි.