එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම මෙරට සිදුකළ මානුෂීය සත්කාර සේවය ඇඟයීමට ලක්කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය හමූද් සයීඩ් හරෙබ් අල් අෆාරිගේ නායකත්වයෙන් යුත් 74 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම විසින් සිදුකරන ලද මානුෂීය සත්කාර සේවය අගයමින් මෙරටට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 15 වන දින මීගමුව හෙරිටන්ස් හෝටලයේදී පවත්වන ලදී.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ධාරානිපාත වර්ෂාව, දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් වෙනුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවයන් වෙත හදිසි මානුෂීය ආධාර ලබාදීම සඳහා මෙම කණ්ඩායම 2025 දෙසැම්බර් 01 වන දින මෙරටට පැමිණෙන ලදී.

එම සහන සේවා කණ්ඩායම විසින් මධ්‍යම පළාතේ ගම්පොළ, මාවතුර, රජතලාව, අංකුඹුර සහ රඹුකේ-ඇල යන ප්‍රදේශවල ගලවා ගැනීමේ රථ 11 ක්, බෝට්ටු 02 ක් භාවිතා කරමින් ආහාර සලාක පාර්සල් 3,636 ක් කූඩාරම් 300 ක් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙමින් ගලවා ගැනීමේ සහ සහන සේවා මෙහෙයුම් සිදුකරන ලදී. එහිදී ඔවුන් ආපාදාවට ලක්වූවන් බේරා ගැනීම සහ දේශීය සහන සේවා කණ්ඩායම්වලට සහාය වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම මෙරට රැඳී සිටි කාලය තුළ ඔවුන්ගේ සුවිශේෂී වෘත්තීයභාවය සහ කැපවීම තුළින් ආපදාවට ලක්වූ ජනතාවට සහාය වීමට සහ එම ආපදාවේ බලපෑම අවම කිරීමට මෙරට බලධාරින් සමඟින් සමීපව කටයුතු කරණු ලැබීය.

ඔවුන්ගේ මෙම කැපවූ සේවය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආපදා සහන සේවා කණ්ඩායම ඇගයීමට ලක්කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිය කෘතවේදීත්වය සහ මිත්‍රත්වය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG නියෝජනය කරමින්, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO විසින් එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන් වෙත සම්මාන සහ සහතිකපත්‍ර පිරිනමන ලදී.