2025-07-01
බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV අභාවප්‍රාප්ත වේ
බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV අසනීප තත්ත්වයක් හේතුවෙන් 2025 ජුනි මස 28 දින සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 86 වන වියේ පසුවිය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2025 ජුනි මස 30 දින උදෑසන සිට බොරැල්ල, ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කරන ලදී.
බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර සහිතව 2025 ජූලි මස 01 දින සන්ධ්‍යාවේ 03.30 ට බොරැල්ල, පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.