2025-09-08

Army Chief Attends Religious Observances on Binara Poya Day

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී 2025 සැප්තැම්බර් මස 7 දින පැවැත්වූ ආගමික වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

ජාතිය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගයක් සිදුකළ දිවංගත රණවිරුවන්ට උපහාර දැක්වීම සහ සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම වැඩසටහන අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් දානමය පුණ්‍යකර්මයට සහභාගි වූ අතර මහා සංඝරත්නය විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනාවන්ට ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.