9th December 2025
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 09 දින ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 19 හි ශිෂ්‍ය නිලධාරීන් සඳහා සම්ප්‍රදායික දේශනය පවත්වන ලදී.
එහම දේශනය පැවැත්වීම සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc විසින් පිළිගන්නා ලදී. අනතුරුව සේනාවිධායක විසින් දේශනය පැවැත්වීම සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල ශ්‍රවණාගාරයේදී පාඨමාලා නිලධාරින්ට හදුන්වා දෙන ලදී. මෙම දේශනය සඳහා විදේශීය රටවල නිලධාරීන් 26 දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 149 දෙනෙකු සහභගි විය.
"අනාගත යුද මෙහෙයුම් පරිසරය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා උපායමාර්ගික දූරදර්ශීභාවය" යන මාතෘකාව යටතේ පැවති මෙම දේශනයේදී අනාගත යුද මෙහෙයුම් විකාශනය වන ආකාරය උපායමාර්ගික අවිනිශ්චිතතාවයන් මගින් එල්ල වන අභියෝග සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපායමාර්ගික බලවේගයක් ලෙස පැවතීම සහතික කිරීමට අවශ්‍ය පියවරයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 74 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 24 දෙනෙකු සහ බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය සහ සැම්බියාව යන රටවලින් නිලධාරින් 26 දෙනෙකු ඇතුළුව පාඨමාලා සාමාජිකයන් 149 දෙනෙකු විසින් හදාරනු ලබයි.