2026-04-21
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, 2026 අප්‍රේල් මස 20 වන දින යාපනය ප්‍රදේශයේ සුහද හමුවීම් කිහිපයක් සිදුකිරීම සඳහා නිල සංචාරයක නිරත විය.
එහිදී, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායහන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා සහ යාපනය රදගුරු ගරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් රදගුරුතුමන් හමුවිය.