28th June 2025
ගල්නෑව, විද්‍යෝදාරා විහාරස්ථානයේ දී 2025 ජුනි මස 30 දින සිට ජූලි මස 06 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා උත්සවය සඳහා වන සූදානම පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 ජුනි මස 24 දින නිරික්‍ෂන සංචාරයක නිරත විය.
වාලුකාරාම විහාරස්ථානය, විජිතපුර ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය සහ විද්‍යෝදාර පිරිවෙන ඇතුළු ප්‍රධාන ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය සහයෝගය ලබා දෙනු ලබන අතර තවද, භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් වෙනුවෙන් ආහාර සැපයීම සඳහා අවශ්‍ය පැරබෝලික් කුටි, මූලික සැපයුම්, මුළුතැන්ගෙයි උපකරණ සහ මූලික පහසුකම් සපයනු ලබයි.
මෙම සංචාරය අතරතුර, ආඥාපති ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණය වැනි ප්‍රධාන ස්ථානවල ඉදිකිරීම් ප්‍රගතිය සොයාබැලූ අතර, එම ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට උපදෙස් ලබාදෙන ලදී. මෙම සංචාරයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.