9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 24 දින කන්තලේ, සිරිමංගලපුර ගාමිණී ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 46 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන භාග්‍යා වීරසිංහ මහත්මිය සහ රගුරන් ජයචන්ද්‍රන් මහතා ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 222 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.ජී.කේ.එච් ද සිල්වා psc සහභාගි විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පාසල් කාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.