11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 241 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 18 දින පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී, භටපිරිස් විසින් සිවිල්-හමුදා සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මඩකලපුව, මට්ටික්කූලි දමිළ ප්‍රාථමික පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.