2018-01-20 19:18:25
විවිධ වෘත්තීන් හී සාර්ථකව පුහුණු පාඨමාලා හදාරා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් සඳහා සුදුසුකම් ලැබු යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් රණවිරුවන් 171 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්රදානය කිරීම උත්සවය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2018-01-19 20:07:49
කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පැවැත් වූ ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 හිදී ක්‍රීඩා අමාත්‍යංශය වෙතින් පිරිනමනු ලැබූ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ඒ වෙනුවෙන් අද (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඔවුන්ගේ දක්ෂතාවයන් අගයමින් කෙටි උපහාර උත්සවයක් පවත්වනු ලැබීය.
2018-01-18 16:16:30
ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, සංචාරයේ පළමු අදියර ලෙස බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-01-18 02:02:05
ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස බ්‍රහස්පතින්දා (18) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
2018-01-17 18:40:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති කාර්යාලයේ දී හමුවීය.
2018-01-16 18:34:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව මෙරටට සුහද සංචාරයක් සඳහා සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා (16) දින උදෑසන හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩංගනයේ දී පිරිනමනු ලැබීය.
2018-01-15 18:55:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා සඳුදා (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.
2018-01-14 13:08:28
විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණක්ෂිතයට පත් පැරා ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන විජයබාහු ‘වර්ණ රාත්‍රිය’ සෙනසුරාදා (13) සන්ධ්‍යාවේ දී කුරුණැගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘The Salute’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.
2018-01-13 23:28:23
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
2018-01-11 12:06:03
එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ආරක්ෂක භට පිරිස් දායක කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අප්‍රිකානු මහද්වීපයේ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මේ වන විටත් පිටත් කර ඇති අතර, 32 කින් යුත් එහි අවසන් භට කණ්ඩය බදාදා (10) දින සන්ධ්‍යාවරුවේ දී ආශිර්වාද සුභපැතුම් මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව යන ලදී.