2023-01-11 19:19:24
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සංකල්පයකට අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය ඇතිව මානූෂීය මෙහෙයුමේදී රණක්ෂිතයට පත්ව අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා ඉකුත් බදාදා (11) දින ‘මිහිඳු ආයුර්වේද සුව අරණ’ නමින් ආයුර්වේද ඖෂධ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.
2023-01-09 19:27:41
විශ්‍රාම ගැනීමෙන් අනතුරුව විදේශ රටවල රැකියා අවස්ථා උදාකරදීමේ අරමුණින් විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සකසන ලද ‘මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලා අංක - 1’ සමාරම්භක උත්සවය අද (09) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.
2023-01-05 09:51:32
මෙරට රග්බි සහ පාපන්දු කණ්ඩායම් අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වන යුද්ධ හමුදා රග්බි සහ පාපන්දු කණ්ඩායම් සඳහා නව ජවයක් ලබාදෙමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ඉදිකරනු ලැබූ නව රග්බි සහ පාපන්දු ක්‍රීඩාපිටිය බදාදා (04) දින විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.
2023-01-02 15:27:13
2023 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (02) දින උදෑසන පැවති කෙටි උත්සවයකදී ‘ජාතියේ ආරක්ෂකයින්’ වන යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.
2022-12-31 23:29:30
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, 2023 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව වසරේ පණිවිඩය පහතින් දැක්වේ:
2022-12-28 17:50:01
නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා බදාදා (28) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2022-12-27 23:00:17
රණවිරු සම්පත් කේන්ද්‍රය මගින් පවත්වනු ලැබූ තාක්ෂණික පාඨමාලාවන් හැදෑරීමෙන් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටම සඳහා සුදුසුකම් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ වැඩසටහන අඟහරුවාදා (27) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2022-12-24 23:30:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභ්‍යාග සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2022-12-21 11:28:38
අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (20) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.
2022-12-13 20:04:47
දින පහක දීර්ඝ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (R Hari Kumar) අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.