2018-04-11 09:45:26
සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උළෙල යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියතු සියයකට අධික සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩා පිටියේදී අඟහරුවාදා (10) දින පවත්වන ලද අතර එය සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත විය.
2018-04-09 15:34:55
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක - 48 යටතේ පුරා මාස 09 ක කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිළයින් 189 දෙනෙකු සඳුදා (09) දින උදෑසන සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.
2018-04-08 22:50:50
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාවේ කීර්තිමත්ම පුහුණු පාසලක් වන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ඉරිදා (08) දින සිදු කල පළමු නිල සංචාරයේ දී අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සහ නව පහසුකම් රැසක් විවෘත කරනු ලැබීය.
2018-04-06 16:51:55
වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටියදී ආරම්භ කල යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය, තේලිප්පලෙයි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් බ්‍රහස්පතින්දා (05) දින පැවැති උත්සවයක දී නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය.
2018-04-05 11:42:14
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උදාවන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (05) දින රණක්ෂිතයට පත් රණවිරුවන් 120 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වන රාගම ‘රණවිරු සෙවණ’ හි සංචාරයක නිරත වුහ. ‘රණවිරු සෙවණ’ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවකු.....
2018-04-04 19:41:28
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී අද (4) උදෑසන ආරම්භ විය.
2018-04-04 11:20:15
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ආරක්ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව සපැමිණි ආරක්ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.
2018-04-03 16:19:21
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක (Command Senior Enlisted Leader) සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) සමඟින් කොමිෂන් නොලත් නිලධාරී සැරයන් පළමු පන්තියේ මෙහෙයුම් කෙවින් සැන්ටිටීස් (Sergeant First Class Kevin Sanetiez), එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ මාස්ටර් සැරයන් රාචෙල් ලකී....
2018-03-30 23:41:39
යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් සිකුරාදා (30) දින නලිනක්කපුරම් ගම්මානයේ පැවති සරල උත්සවයක දී තවත් නව නිවාස 25 ක් ලබාදෙන ලදි.
2018-03-29 21:06:47
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර හමුවක් බ්‍රහස්පතින්දා (29) දින යාපනය, නල්ලූර් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල් ශිෂ්‍යභට වැඩසටහන් සඳහා සහාය ඉල්ලා සිටින්නේනම් ඒ සඳහා නායකත්වය සැපයීමට යුද්ධ හමුදාවට හැකි බව යුද්ධ හමුදාධිපති මෙම හමුවේ දී ප්‍රධාන අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේ ය.