Header

Sri Lanka Army

Defenders of the Nation

logo logo logo

මුල් පුවත

  • යුද හමුදාව අනෙකුත් හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය සමඟ එක්ව ඩෙංගු මර්ධන වැඩසටහනක

    01st February 2017 17:53:11 පැය

    යුද හමුදාව අනෙකුත් හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය සමඟ එක්ව ඩෙංගු මර්ධන වැඩසටහනක

    බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.

  • ගෞරවාන්විත සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය ප්‍රදානය කෙරේ

    31st January 2017 10:39:06 පැය

    ගෞරවාන්විත සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය ප්‍රදානය කෙරේ

    ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.

  • යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය

    29th January 2017 08:31:09 පැය

    යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය

    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක වෙන්වෙන් වශයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. අර්ධද්වීපයේ ඩෙංගු මරණ සහ ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් රජයේ බලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිනි. මීට පෙර ද ජනවාරි මාසයේ (7 -8) පාසල් 67 ක මෙවැනිම වැඩසටහනක් ක්‍රියාවට නැංවිය.

  • යුද හමුදා විශිෂ්ඨයන් හට වර්ණ ප්‍රදාන ගෞරවාන්විත උත්සවය නෙළුම්පොකුණේදී

    27th January 2017 23:21:31 පැය

    යුද හමුදා විශිෂ්ඨයන් හට වර්ණ ප්‍රදාන ගෞරවාන්විත උත්සවය නෙළුම්පොකුණේදී

    යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂ දක්ෂතා අගය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් එක් වඩා උද්‍යෝගිමත් මෙන්ම ගෞරවාන්විත ව්‍යාපෘතියක් වන ‘වර්ණ රාත්‍රිය -2016’ උත්සවය සිකුරාදා (27) සන්ධ්‍යාවේ ක්‍රීඩා අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක රාජ්‍ය ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති යන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පවත්වන ලදි.

  • මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්

    25th January 2017 18:07:10 පැය

    මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්

    වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 62 වන සේනාංකයේ ස්ථාපිත 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ‘ආර්යා’ පදනම හා එක්ව 2014 වර්ෂයේ තන්තිරිමලේ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ...

  • 12 වන සේනාංක මුලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    22nd January 2017 07:35:19 පැය

    12 වන සේනාංක මුලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    හම්බන්තොට 12 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අද (21) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. එහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සමඟින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් පිළිගන්නා ලදි.

  • යුද හමුදාපති ‘විශ්‍රාමික ප්‍රවීනයන්ගේ නිවාසය’ සඳහා තවත් පහසුකම් ලබාදීම සබැඳිව සේවා මුක්ත භට පිරිස්හි ආචාරය

    20th January 2017 17:14:08 පැය

    යුද හමුදාපති ‘විශ්‍රාමික ප්‍රවීනයන්ගේ නිවාසය’ සඳහා තවත් පහසුකම් ලබාදීම සබැඳිව සේවා මුක්ත භට පිරිස්හි ආචාරය

    කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

  • ‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ සුපිරි තරුව හා අවසන් තරඟකරුවන් හට ත්‍යාග පිරිනැමේ

    20th January 2017 09:52:48 පැය

    ‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ සුපිරි තරුව හා අවසන් තරඟකරුවන් හට ත්‍යාග පිරිනැමේ

    ‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරිය හට හිමි වු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා (19) දින හොරණ, ප්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.

  • ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල වසර 27 කට පසු ජනතා අයිතියට

    16th January 2017 09:32:53 පැය

    ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල වසර 27 කට පසු ජනතා අයිතියට

    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ඌරණි, තායිඩ්ඩි (නැගෙනහිර) සහ නල්ලිනාක්කපුරම් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදෙමින් වසර 27 කට පසු සෙනසුරදා (14) දින ජනතා අයිතියට පත් කරන ලදි.

  • යාපනයේ යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

    13th January 2017 14:58:35 පැය

    යාපනයේ  යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

    සීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.