2022-12-24 23:30:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියලු ලෝකවාසීන් වෙත සතුට, සාමය සහ සෞභ්‍යාග සපිරි නත්තලක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි.
2022-12-21 11:28:38
අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (20) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.
2022-12-13 20:04:47
දින පහක දීර්ඝ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (R Hari Kumar) අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2022-12-10 04:38:41
ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසල වෙතින් වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව - අංක 8 (LSC) සාර්ථකව හදාරනු ලැබූ මෙරට යුද්ධ හමුදාවේ නිලධාරීන් විසිහයදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු, ගුවන් හමුදාවේ එක් නිලධාරීයෙකු, බංගලාදේශ හමුදාවේ එක් නිලධාරියෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (09) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.
2022-12-09 16:59:56
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි අපේක්ෂක නිලධාරින් ආමන්ත්‍රණය කිරීම යුද්ධ හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අණ සහ මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාවේ...
2022-12-08 18:44:13
‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව අත්‍යවශ්‍ය යුද උපකරණ නිෂ්පාදනය නව මාවතකට යොමුකිරීම සහ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණින් කෙටි කාලයක් තුළ යුද්ධ හමුදාවේ යුද්ධෝපකරණ අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යලි ස්ථාපිත කරන ලද යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි හා පතුරොම් ගබඩා පරිශ්‍රයේදී අද (8) දින විවෘත කරන ලදී.
2022-12-02 17:49:31
අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ විශේෂ උපදෙස් මත සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද ‘Attaché Case’ නම් ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යා හැකි බෑගයක් අද (2) දින යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජනාධිපතිතුමන් වෙත භාර දෙන ලදී.
2022-11-27 05:39:32
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 50 - ඒ, බී, සී,ඩී,ඊ හා එෆ් යටතේ පුරා මාස 18 කට අධික කාලයක් ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 366 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය පසුගිය සෙනසුරාදා (26) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2022-11-23 19:41:36
යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවීනතම සෞඛ්‍ය ප්රතිලාභ පිරිනමනු ලබන ‘නවලෝක විරුසුව සරණ’ වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම අද (23) දින පෙරවරුවේ නවලෝක රෝහල් පරිශ්‍රයේදී සිදු වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය සහ සීමාසහිත නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ද එක්වූහ.
2022-11-12 20:10:22
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ආර්ථික දුෂ්කරතා අවම කරගැනීමට යම් කිසි සහනයක් සැලසීමේ අරමුණින් ඔවුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පනාගොඩ යුද්ධ හමුදා ජනපද පරිශ්‍රයේදී සහ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (12) පවත්වන ලදී.