2017-02-20 17:30:40
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත හොරණ, දොඹගොඩ යුද හමුදා යුධෝපකරණ කම්හලේ නවතමයෙන් ආරම්භ කරන ලද ටයර් වල නැවත කට්ට ඇලවීමේ අංශය අද (20) උදෑසන එතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදි.
2017-02-18 09:36:52
ලෝක හමුදා දිනය වෙනුවෙන්, අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017, හමුදා ප්‍රධානින් ඇතුලු සියගණනක් වූ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (18) දින ගාලු මුවදොර පිටියේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගි විය.
2017-02-14 23:31:45
යුධබිමේ දී ආබාධිත හා තුවාල ලබා වසර දහයක සේවා කාලයක් හෝ වසර දොළහක සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය රණවිරුවන් ඔවුන්ගේ සේවා විශ්‍රාම වැටුප ඉල්ලා කරන ලද උද්ඝෝෂනය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබු පොරොන්දුවකට අනුව ඔවුනට සේවා විශ්‍රාම වැටුප් 2017 පෙබරවාරි සිට ප්රදානය කිරිම අද (14) දින උදැසන ජනාධිපති ලේකම් කර්යාලයේ දී පැවති සරල උත්සවයක දී සිදුකරන ලදි.
2017-02-13 14:56:42
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ පෞද්ගලික දානපතීන්ගේ අනුග්‍රහය ඇතිව, වන්නි හි පිහිටි නැවත පදිංචි කල වෙහෙරතැන්න ගම්මානයේ අඩුආදායම්ලාභී පවුල් 04 ක් සඳහා ඉදිකරදුන් නව නිවාස සෙනසුරාදා (11) දින විවෘත කරන ලදි.
2017-02-09 11:21:32
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය (CWC) මඟින් සංවිධානය කරනු ලබන රසායනික සිදුවීම් සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ මූලික පාඨමාලාවක් පෙබරවාරි මස 06 වන දින සිට 10 වන දින දක්වා කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වේ.
2017-02-06 12:06:43
යුද හමුදා සාමජිකයින් තුල ශාරීරික යෝග්‍යතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සඳුදා (06) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි මුතුකුමාරු ක්‍රීඩාංගණයේ දි ශාරීරික පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
2017-02-04 12:14:03
දිළිඳුභාවය තුරන් කිරීම සඳහා කැපවෙමින් සහ ආර්ථික ස්ථාවරත්වය, සංහිඳියාව හා සමගිය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘ජාතික සමගිය’ තේමාව කරගත් අභිමානවත් 69 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සෙනසුරාදා (04) දින උත්කර්ශවත් අයුරින් සමරන ලදි.
2017-02-03 09:09:48
අංගොඩ, ගොතටුව හි පිහිටි අයිඩිඑච් (IDH) රෝහලේහි ඩෙංගු රෝගීන් සඳහා යුද හමුදාව මඟින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය බ්‍රහස්පතින්දා (02) දින ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදි.
2017-02-01 17:53:11
බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.
2017-01-31 10:39:06
ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.