2016-10-21 09:33:10
රාගම රණවිරු සෙවනෙහි නේවාසිකව සිටින ගජබා සහ විජයබාහු පාබල රෙජිමේන්තුවලට අයත් රණක්ෂිතයට පත් වූ රණවිරුවන් තිදෙනෙකු විවාහ දිවියට පත් වීමේ උත්සවය (20) උදෑසන මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.
2016-10-20 08:47:30
ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය (19) දින සන්ධ්‍යාවේ එහි ආරම්භක පියවර වශයෙන් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී.
2016-10-15 09:34:53
ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 කගේ සහභාගීත්වයෙන් 19 වන වරට පැවැත් වූ ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 සිකුරාදා (14) පස්වරුවේ දියගම ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් අවසන් විය. තෙදිනක් පුරාවට පවත්වන ලද මෙම ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා පැරාලිම්පික් කමිටුවේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
2016-10-12 16:49:17
ආරක්ෂක අමාත්‍යාංශයේ ‘රණවිරු අභිමනට සත්විරු උරුමය’ නමින් රණවිරුවන් සඳහා නවතමයෙන් ඉදිකරන ලද නිවාස 780, අර්ධ වශයෙන් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පුර්ණ කර ගැනීම සඳහා අරමුදල් සහ ඉඩම් කොටස් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත නිල වශයෙන් පවරාදීම අද (12) උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
2016-10-11 17:55:19
තාක්ෂණික දැනුම සහිතව සේවයෙන් විශ්‍රාම ලත් ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙනුවෙන් දියත් කරනු ලැබූ සුබසාධන වැඩසටහනේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විශ්‍රාමිකයින් 50 දෙනෙකු වෙත රාජ්‍ය අංශයේ නව තාක්ෂණ ශිල්පීන් ලෙස රැකියා ලබා දීමේ පත් වීමේ ලිපි අඟහරුවාදා (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ලබා දෙනු ලැබීය.
2016-10-10 11:46:08
ජාතිය වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කිරීමේ මෙහෙවරේ යෙදෙමින් ජාතියේ අභිමානය සුරකිමින් ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්රියාදාමයේ නිරතව සිටිනා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 67වන සංවත්සරය නිමිත්තෙන් වර්ණවත් පෙළපාලියක් සඳුදා (10) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපද භූමියේ දී පවත්වන ලදි.
2016-10-09 22:03:38
අසමසම ජයග්රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව සඳුදා (ඔක්: 10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.
2016-10-09 12:56:42
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයෙහි පෙර දින පැවති පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව ඉරිදා (09) දින මහාසඟරුවන වෙත හීල් දානය සහ දවල් දානය ද පිළිගන්වන ලදි.
2016-10-09 08:34:25
යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් අද (8) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වන ලදි.
2016-10-08 11:19:17
යුද හමුදා දිනයට හා 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (07) පස්වරුවේ යුද හමුදා ධජයන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගත් අදාල නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් පැවැත්විනි.