2023-03-15 13:01:30
2023-03-09 12:39:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පුහුණු උපදේශකවරුන්ගේ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් උපදේශකවරුන් 16 දෙනෙකු වෙත පසුගිය බදාදා (මාර්තු මස 08) දින යුද්ධ හමුදා මුලස්ථානයට ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත ‘යුද්ධ හමුදාධිපති ප්රණාම සහතිකපත්‍ර’ ප්රදානය කරන ලදී.
2023-03-01 12:22:00
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) නියෝජනය කරමින් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා භට කණ්ඩය ඉකුත් අඟහරුවාදා (28) දින උදෑසන පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා ගෞරවාචාර පිරිනමනු ලැබීය.
2023-02-27 20:01:25
සිව්දින සුහද සංචාරයක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි එන්අයි (එම්) එස් බීටී (Admiral Muhammad Amjad Khan Niazi NI (M), S BT) සඳුදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
2023-02-25 21:36:24
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යා පීඨයේ (SLCOMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ‘Resilience of Military Medicine in Times of Crisis’ යන තේමාව යටතේ අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී ඉකුත් සිකුරාදා (24) දින සවස පැවැත්වූ අතර, ඒ සඳහා වෛද්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ හමුදා සහ සිවිල් වෛද්‍ය උපදේශකයින්, වෘත්තිකයන් සහ හමුදා වෛද්‍ය විශේෂඥයින් විශාල පිරිසක් සහභාගී වූහ.
2023-02-23 20:31:22
රට වෙනුවෙන් දිවිපිදූ සහ තුවාල ලැබූ රණවිරුවන් ඇතුළු සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් සඳහා ආර්ථිකමය සහනයක් ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකක විසින් ආරම්භ කරන ලද ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ 2 වන අදියර බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරම්භ කරනු ලැබීය. එහිදී පැවති උත්සවයේදී පාසල් සිසුසිසුවියන් වෙත රුපියල් 25,000.00 ක මූල්‍යමය වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 100 ක් සංකේතාත්මකව ප්රදානය කරන ලදී.
2023-02-23 12:19:17
ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් ‘Precise Human - Technology Symmetry for Better Organizational Efficacy’ යන මැයෙන් පැවැත්වීමට නියමිත ‘තාක්ෂණික සම්මන්ත්රණ’ මාලාවේ ප්‍රථම සම්මන්ත්‍රණය ඉකුත් බදාදා (22) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.
2023-02-21 14:28:01
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන්ගේ අද්විතීය ක්‍රීඩා කුසලතාවයන් ඇගයීමට ලක්කරමින් පවත්වනු ලබන ප්‍රථම ‘වර්ණ රාත්‍රිය’ ඉකුත් සඳුදා (20) දින සන්ධ්‍යාවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයන් 477 දෙනෙකු අතරින් විශේෂ ක්‍රීඩා කුසලතාවයන් දැක්වූ ක්‍රීඩකයින් 75 දෙනෙකු වෙත වර්ණ ප්රදානය කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.
2023-02-18 14:03:40
ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් සෙනසුරාදා (18) දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු ‘CISM මාර්ග ධාවනය’ සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ප්රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.
2023-02-11 07:41:10
දින පහක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් සාහිර් ෂම්ෂාඩ් මිර්සා එච්අයි (එම්) (General Sahir Shamshad Mirza, HI (M)) සිකුරාදා (10) දින පස්වරුවේ දී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.