2024-06-07 08:12:49
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ශ්‍රවණාගාරය 2024 ජූනි මස 06 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කරන ලදී. උත්සව අවස්ථාව සඳහා පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී. සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2024-05-28 14:09:16
ජපානයේ පැවති කෝබේ 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී පැරා මළල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාර, 2024 මැයි මස 27 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ඇගයීමට ලක්විය.
2024-05-23 08:52:48
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්රමුඛ යුද්ධ හමුදාවේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සියලුම නිලයන් විසින් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත සාමය, සතුට, සහජීවනය සහ අධ්‍යාත්මික සුවය පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි!
2024-05-20 14:37:21
කුරිරු ත්‍රස්තවාදයෙන් මවුබිම මුදාගැනීම සඳහා දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකු සිහිකිරීම වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකිරීමේ 15 වන රණවිරු අනුස්මරණ දිනය හෙවත් ‘විජයග්‍රහණයේ දිනය’ 2024 මැයි මස 19 දින බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවති අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සහභාගී වූවේය.
2024-05-13 19:19:32
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සවයට, මූල්‍යය කළමනාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 මැයි 13 දින එම අවස්ථාවට සහභාගී විය.
2024-05-13 08:11:59
දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශයේ විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ සුබසාධන හා පරිපාලන කටයුතු සොයා බැලීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් 53 පාබල සේනාංක මූලස්ථානයේදී 2024 මැයි මස 11 දින පැවැත්විණ.
2024-05-05 09:42:26
මාතලේ විජය විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙල බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පසුගිය සිකුරාදා (මැයි මස 03) දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-04-27 12:33:12
යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ගාල්ල, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ‘Golden Lily’ ගොඩනැගිල්ල සිකුරාදා (අප්‍රේල් මස 26) දින පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ ගේ සුරතින් විවෘත කෙරිණි.
2024-04-23 11:02:42
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභිමානවත් 136 වන සංවත්සර දිනයට සමගාමීව එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 22 දින පැවැත්විණි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ ආරාධනයකට අනුව...
2024-04-21 13:19:50
ඉඩම් දේපල හා භඨනිවාස අධ්යක්ෂ මණ්ඩලය විසින් හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරන ලද තෙමහල් නිවාඩු නිකේතනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් සෙනසුරාදා (අප්‍රේල් මස 20) දින විවෘත කරන ලදී.