ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකළ නව නිවසක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පවරාදෙයි

නිවාස අවශ්‍යතා සහිත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.එම්.ජී.එම් මංගල වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරනු ලැබූ අතර 2025 ජූලි මස 09 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් එම නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණය මත ආචාර්ය ගයාත්‍රි සල්ගාදු සහ ආචාර්ය ප්‍රසාද් ගුණරුවන් විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ලබාදෙනු ලබයි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.