2019-01-22 22:08:53
මූලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි දියත් කරනු ලබන විවිධ ව්‍යාපෘතින්ට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (21) දින උදෑසන මූලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දී පැවැති ප්‍රධාන උත්සවයකදී ජාතික පාසල් ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ ප්‍රකාශයට පත් කරන ලදී. මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත් කරනු ලබන අතර දිවයින පුරා රජයේ පාසල්වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වෘත්තීමය පුහුණුවලත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දේශන පවත්වමින් සිදුකිරීමට නියමිතය. එමෙන්ම, ජාතික වැදගත්කමකින් යුතු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්රමුඛත්වයක් මත යුද්ධ හමුදාව සිය පූර්ණ සහයෝගය දැක්වීමට එකඟතාවය පල කර ඇත.
2019-01-18 22:22:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව විශේෂ බලකා බලසේනාවට අයත් 3 වන විශේෂ බලකායේ භට පිරිස් ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්රයට නව අරුතක් එක් කරමින් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශය සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පූර්ණ සහයෝගීත්වය ඇතිව සිකුරාදා (18) දින සන්ධ්‍යාවේ වැලිකන්ද, කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේදී කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (Meal Ready to Eat (MRE) ration pack) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
2019-01-14 21:00:21
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩසටහනට සමගාමීව දිවයින පුරා පාසල් 6312 ක් දැනුවත් කිරීමේ ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්රමුඛත්වයක් මත යුද්ධ හමුදාවේ සහයෝගය දැක්වීමට නියමිතය.
2019-01-14 20:17:08
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි!
2019-01-11 21:39:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත ලැප්ටොප් පරිගණක 10 ක් ඇතුළු රුපියල් මිලියන 14.2 ක පමණ වටිනාකමින් යුතු පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්රදානය කිරීම සිකුරාදා (11) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.
2019-01-11 18:13:08
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) එම ආයතනයට අනූයුක්තව සේවය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එන්. ඒ. බී. එම්. එස්. නිශ්ශංක විසින් බ්‍රහස්පතින්දා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉදිරිපත් කරනු ලැබීය.
2019-01-10 10:19:55
තම මාතෘ භූමිය රැක ගැනිම උදෙසා ඇස්, හිස්, මස්, ලේ දන්දුන් අභීත විරුවන් සිදුකළ අමිළ මෙහෙවර අමතක නොකළ යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව අවුරුදු උදාවත් සමඟ අඟහරුවාදා (08) දින අත්තිඩිය මිහිදු සෙත් මැදුර වෙත පැමිණි අතර එහිදි පූර්ණකාලීනව ආබාධිතවී නේවාසික සිටින රණවිරුවන් හට නව අවුරුදු සුභපැතුම් හා ත්‍යාග පිරිනමනු ලැබීය.
2019-01-01 15:49:24
‘රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන අතරම, ජාතික ආරක්ෂාව මෙන්ම රටේ අභ්‍යන්තර හෝ වෙනත් ආකාරයේ ආරක්ෂක තර්ජනයන්ට මුහුණදීමට යුද්ධ හමුදාව සූදානම් විය යුතුය. 2019 වර්ෂයේ දී විවිධ අංශවල පුහුණු වැඩසටහන් සමඟ යුද්ධ හමුදාව මෙම වැඩපිළිවෙල වැඩිදියුණු කරමින් තවදුරටත් රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත්’ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති නව වර්ෂයේ රාජකාරී ආරම්භක උත්සවයට සහභාගිවෙමින් පැවැසීය.
2018-12-31 22:55:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි!
2018-12-29 12:33:22
පුත්තලම දිස්ත්‍රිකයේ ජීවත්වන අප්‍රිකානු සම්භාවයකින් පැවත එන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජාතීකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නත්තල් දින උත්සවයට සමගාමීව පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ දි සෞන්දර්යාත්මක හා සුවිශේෂී සංස්කෘතික කැරොල් උත්සවයක් සිකුරාදා (28) දින පැවැත්විණි.