මුල් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්ය සාධක බලකාය ඒකාබද්ධව 2025 ජූලි මස 29 දින ‘යුද්ධ හමුදාව සමඟ පිවිතුරු පරිසරයක් - ජාතිය උදෙසා පිවිතුරු වෙරළක්’ යන තේමාව ඔස්සේ දිවයින පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. මට්ටක්කුලිය, කාකදූව දූපතේ වෙරළ තීරයේ පැවති මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පාකිස්ථානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලුතිනන් ජෙනරල් සයිඩ් ආමර් රාසා ප්‍රමුඛ දූත පිරිසක් 2025 ජූලි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 ජූලි මස 19 සහ 20 දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක නිරත විය.


ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඓතිහාසික ඇසළ මහ පෙරහැර මංගල්‍යය ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 12 වන වරටත් කොප්පරා ටොන් 06 ක ප්‍රමාණයක් 2025 ජූලි මස 17 දින පූජා කරන ලදී.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 ජූලි මස 08 දින නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ RSP USP ndc psc හමුවිය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 ජූලි මස 04 දින ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ WWV, RWP, RSP and three Bars, USP, fndu(China), psc, qhi හමු විය.


ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විය.


ලෝක පරිසර දිනය යෙදී තිබෙන 2025 මස 05 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘ප්ලාස්ටික් භාවිතය නවතමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහනට සමගාමීව, පරිසර හිතකාමී සහ තිරසාර සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2025 මැයි මස 30 සිට ජුනි මස 05 දින දක්වා වූ සතිය පරිසර සතිය ලෙස නම්කර තිබිණි.


16 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය 2025 මැයි මස 19 දින බත්තරමුල්ල, ජාතික රණවිරු ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් සහභාගි විය.


16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් 2025 මැයි මස 19 දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා...