2023-07-14 00:17:46
19 වන ගුවන් හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත් එයාර් මාර්ෂල් ආර්.ඒ.යූ.පී රාජපක්‍ෂ ආර්එස්පී (දෙවරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ) ඇමරිකා එක්සත් ජනපදය, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ඒ අයිඑස් සහ එස් (එක්සත් රාජධානිය), බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), එම්අයිඑම් (ශ්‍රී ලංකා), ඒඑම්අයිඊ (ශ්‍රී ලංකා), ආර්සීඩීඑස්, පීඑස්සී බ්‍රහස්පතින්දා (13) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානාකූල ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ සහ නව ගුවන් හමුදාධිපතිතුමන් අතර සුහද හමුවක් පැවැත්විණි.
2023-07-11 20:07:41
බෞද්ධ දර්ශනයේ පූජනීය සිද්ධස්ථාන දහසයෙන් එකක් වන අම්පාර ‘දීඝවාපිය’ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ උස අඩි 69 ක ප්‍රමාණයක් නිමකිරීමෙන් පසු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සඳුදා (ජුලි මස 10) දින ආරම්භ කරනු ලැබීය.
2023-07-02 11:43:11
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය වශයෙන් පුහුණුව ලත් යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) පළමු කණ්ඩායම වශයෙන් 170 කින් යුත් භටපිරිසක් සෙනසුරාදා (ජූලි 01) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය. ඉතිරි භටපිරිස් අදියර වශයෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සාම සාධක භටපිරිස් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව යන අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-06-23 19:20:52
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) සිකුරාදා (23) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.
2023-06-21 16:42:17
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් 483 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත වියළි සහ නැවුම් ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.
2023-06-16 19:39:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙමින් ජාතිය ගොඩනැගීමේ ඕනෑම කාර්යයක් සඳහා ඕනෑම මොහොතක සූදානමින් සිටිති. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (ජුනි 16) දින මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉඳිකර දීමට කටයුතු ආරම්භ කරන ලදී.
2023-06-13 21:22:14
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරටද එක්විය. කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙ කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය. ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී. මෙම වකුගඩු ආශ්‍රිත ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වේ.
2023-06-07 21:52:33
දින පහක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදාවේ හමුදා දූත පිරිස බදාදා (07) දින යුද්ධ හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
2023-06-03 00:23:36
නව ශිෂ්ටාචාරයක් මෙරට ඇති කළ පූජනීය පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අප සැමට ශක්තියක් වී අපේ මාතෘභූමිය සමෘද්ධිමත් වේවා! මෙම පින්බර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, සියලුම නිලධාරීන්, සෙසුනිලයන් හා සිවිල් කාර්යය මණ්ඩලය ඇතුලු සමස්ථ යුද්ධ හමුදාවේ උතුම් වූ ප්‍රාර්ථනයයි.
2023-06-01 21:05:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධියට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් යුද්ධ හමුදාවට නායකත්වය ලබාදෙන වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපති ධූරයට පත් වී 2023 ජූනි මස 01 දිනට වසරක් සම්පූර්ණ කරයි. එම කාලය තුල එතුමන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ ජාතිය ගොඩනැගීමේ සහ සිවිල් ජනතාව වෙනුවෙන් ඉලක්ක කරගත් ප්‍රජා මූලික ව්‍යාපෘති, සෙබලුන්ගේ සුභසාධන කටයුතු සඳහා ඇති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම, මානව සම්පත් සහ මූල්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් හඳුන්වා දීම, යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම යනාදී අංශ රැසක විශාල සාර්ථකත්වයක් ලබා දී ඇත. මීට අමතරව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ දේශීය කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ආපදා සහ හදිසි කළමනාකරණය කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සක්‍රීය දායකත්වය ඉහල නැංවීමද දැක්විය හැකිය. තවද, වැඩි දියුණු කරන ලද පරිගණක මෘදුකාංග යෙදවුම් හඳුන්වා දීමෙන් යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දියුණුව සඳහා පියවර ගෙන ඇති අතර, එමඟින් යුද්ධ හමුදාව සතු සම්පත් රටේ ආර්ථික දියුණුව සඳහාද යෙදවීමට හැකි වී ඇත.