Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-06-15

    2023-06-15

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (14) දින වෙරුගල්, කුරුන්ජන්කර්නි සහ පොලොන්නරුව නව නගරය යන ප්‍රදේශයන්හිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 800 (දළ වටිනාකම රු: 379,600.00) සහ කේරල ගංජා ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 120 (දළ වටිනාකම රු: 23,350.00) සමග සිවිල් පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-12

    2023-06-12

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව විශේෂ අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයක් ඉරිදා (11) දින බොරැල්ල ප්‍රදේශයේදී සිදුකළ අතර ඒහිදී හේරෝයින් ග්‍රෑම් 5.5ක් (දළ වටිනාකම රු: 33,000.00), අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.6ක් (දළ වටිනාකම රු: 21,600.00) සහ ගංජා ග්‍රෑම් 60ක් (දළ වටිනාකම රු: 27,000.00) සමග සිවිල් පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-08

    2023-06-08

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (07) දින වන්නේරිකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 04ක් (රන්ගන් 99) සහ ඩෙටනේටර් 02 (රන්ගන් 99) සොයාගෙන ඇත.

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (07) දින හෝමාගම ප්‍රදේශයේදී හේරෝයින් ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 300 (දළ වටිනාකම රු: 31,800.00) සමග සිවිල් පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-07

    2023-06-07

    උතුර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (06) දින ඔතියමලේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-05-26

    2023-05-26

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-05-25

    2023-05-25

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (24) දින පෙරියමඩු, විශ්වමඩුකුලම් සහ කල්පඩු දකුණ ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 02ක්, රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 01ක් සහ ටී 56 මාක් 1 අවි 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-05-22

    2023-05-22

    උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉරිදා (21) දින කරෙයිනගර් ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 60ක් (දළ වටිනාකම මිලියන රු: 18) සොයාගෙන ගෙන කරෙයිනගර් පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-05-19

    2023-05-19

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් හලාවත වෙරළ ආරක්‍ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බ්‍රහස්පතින්දා (18) දින මාරවිල ප්‍රදේශයන්හිදි බීඩී කොළ කිලෝග්‍රෑම් 500ක් (දළ වටිනාකම මිලියන රු: 2.5) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මාරවිල පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-05-18

    2023-05-18

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (17) දින මාන්කුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක්, පී4 මාක් 1 පුද්ගල නාශක බෝම්බ 01ක් සහ ජොනි 95 පුද්ගල නාශක බෝම්බ 03ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-05-16

    2023-05-16

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (15) දින මයිල්වනපුරම් (විශ්වමඩු) සහ පුදුකුඩිඉරිප්පු බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ගුවන් යානා බෝම්බ 01ක්, රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 04ක්, 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සහ ජොනි ෆියුස් 06ක් සොයාගෙන ඇත.

    සිංහල