Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • ආබාධිත රණවිරුවන් වෙත ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය කෙරේ

    2017-05-10 16:10:54

    ආබාධිත රණවිරුවන් වෙත ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය කෙරේ

    මේ වනවිට ක්‍රියාත්මක ජාතික රණවිරු මාසය තව තවත් අර්ථවත් කරමින් රණවිරුවන්ගේ අසමසම අනුපමේය සේවය අගයකරනු වස් ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් 600 දෙනෙකු වෙනුවෙන් ‘සත්විරු උරුමය’ සහතිකපත් ප්‍රදානය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) දින බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.

  • දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

    2017-05-09 23:15:21

    දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, සියලුම ලෝකවාසීන් වෙත සාමයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරයි !

  • ‘ජාතික රණවිරු සැමරුම් මාසය’ ආරම්භ කරමින් එහි පළමු සමරු කොඩිය ජනපතිට

    2017-05-05 15:43:54

    ‘ජාතික රණවිරු සැමරුම් මාසය’ ආරම්භ කරමින් එහි පළමු සමරු කොඩිය ජනපතිට

    ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් කළ කැපවිම් සිහිකරනු වස් ‘ජාතික රණවිරු මාසය - 2017’ ප‍්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම 04 වන දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිනි.

  • බෝම්බ හඳුනා ගැනිමේ සුනඛ ශීරා සිය රට බලා පිටත් වේ

    2017-05-04 11:13:02

    බෝම්බ හඳුනා ගැනිමේ සුනඛ ශීරා සිය රට බලා පිටත් වේ

    පුරා වසර 06 ක කාලයක් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බිම් බෝම්බ හඳුනාගැනිමේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළ ‘ශීරා-යැන්කි’ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ සුනඛයා සොදුරු සමුගැනිමකින් පසුව ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර, එම කාලය තුළ මෙම සුනඛයා උතුරු ප්‍රදේශයේ අධික ලෙස බිම් බෝම්බ අතුරා තිබු වර්ග මිටර් 62,680 ක භුමි ප්‍රදේශයක් නිශ්කාෂණය කිරිමට දායකත්වය ලබාදෙනු ලැබිය.

  • යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ

    2017-04-30 19:49:44

    යුද්ධ හමුදා ඉංජිනේරුවන් මීතොටමුල්ල කසල කන්දේ අඛණ්ඩව සහන මෙහෙයුම්වල නිරත වේ

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්නගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රසායනික න‍්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක විකිරණශීලී ප්‍රතිචාර බලඝණය (CBRN), ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන සංස්ථාවේ සහ අනෙකුත් තාක්ෂණික විශේෂඥයින්ගේ සහය ඇතිව යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් මීතොටමුල්ල කසල කන්දේ ඉදිරියේදී ඇතිවිය හැකි විනාශයන් වැලැක්වීම සඳහා ඝණ පස් බැම්මක් ඉදිකරමින් සිටින අතර, දූෂණය වූ ජලය ඉවත්කිරීම සඳහා අපවහන ජල පද්ධතියක් ඇතිරීම මෙන්ම මීතේන් වායුව විමෝචනය මැනීමේ කටයුතුවල අඛණ්ඩව නියැලෙමින් සිටියි.

  • රණවිරු සෙවණේ නේවාසික ආබාධිත රණවිරුවන් හට යුද්ධ හමුදාධිපතිතුමාගෙන් ත්‍යාග

    2017-04-26 18:37:12

    රණවිරු සෙවණේ නේවාසික ආබාධිත රණවිරුවන් හට යුද්ධ හමුදාධිපතිතුමාගෙන් ත්‍යාග

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිංහල සහ ‍දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බදාදා (26) දින උදෑසන ආබාධිත රණවිරුවන් 115 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින රාගම රණවිරු සෙවණේ සංචාරයක නිරත විය. රණවිරු සෙවණ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක රැදිසිටින ආබාධිත රණවිරුවකු විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අතර යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුනරුප්තාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාවුකරසු, රණවිරු සෙවණේ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

    2017-04-25 13:25:20

    පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

    දිවයිනේ සංචාරයක නිරතව සිටින පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) 21 දෙනෙකුගෙන් සමන්විත හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි සඳුදා (‍24) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවු නියෝජිත පිරිසේ ප්‍රධානි කොමදෝරු සහිඩ් සොහයිල් රාඕ......

  • මීතොටමුල්ල කසල කන්දේ නායගිය ප්‍රදේශයේ අවධානම් තත්වය බැහැර කිරිම සඳහා යුද්ධ හමුදා භට පිරිස් පොලිතීන් යොදා එම ප්‍රදේශය ආවරණය කරයි.

    2017-04-23 21:47:40

    මීතොටමුල්ල කසල කන්දේ නායගිය ප්‍රදේශයේ අවධානම් තත්වය බැහැර කිරිම සඳහා  යුද්ධ හමුදා භට පිරිස් පොලිතීන් යොදා එම ප්‍රදේශය ආවරණය කරයි.

    මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයේ දැනට ජිවත්වන සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින කසල කන්ද නාය යෑමෙන් එම ප්‍රදේශයේ පවතින අවධානම් තත්වය බැහැර කිරිමේ අරමුණින් පොලිතීන් යොදා ආවරණය කරනු ලබන අතර, මේ වන විට රජය විසින් විපතට පත්වු අයවලුන් සඳහා නිවාස සහ අනෙකුත් පහසුකම් සැපයිමේ කටයුතු වල නිරතව සිටියි.

  • නව අවුරුදු උදාව සංකේතවත් කරන යුද්ධ හමුදා මූලස්ථානයේ සම්ප්‍ර‍දායික තේ පැන් සංග්‍ර‍හය

    2017-04-20 14:49:18

    නව අවුරුදු උදාව සංකේතවත් කරන යුද්ධ හමුදා මූලස්ථානයේ සම්ප්‍ර‍දායික තේ පැන් සංග්‍ර‍හය

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (20) දින සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායිකව තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.

  • මීතොටමුල්ල, නායයෑමේ ගලවා ගැනීමේ කාර්යයන්හි නියුතු භට පිරිස් යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණයට

    2017-04-18 12:20:40

    මීතොටමුල්ල, නායයෑමේ ගලවා ගැනීමේ කාර්යයන්හි නියුතු භට පිරිස් යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණයට

    මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.