2018-10-30 23:41:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 69 ක දිගු ගමනේ දී ඉතිහාසයට තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් න්‍යාය, ඉතිහාසය, අත්හදාබැලීම් සහ භාවිතය ආදි බොහෝ තොරතුරු ඇතුලත් නව සාර සංග්‍රහයක් වන ‘Capstone Doctrine’ ග්‍රන්ථය එළිදැක්විම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (30) දින.....
2018-10-28 11:57:01
යුද්ධ හමුදාව විසින් දෙවන වරට සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය පාපැදි ධාවන ක්‍රිඩකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ගාලුමෝදර පිටිය අසලින් ඉරිදා (28) දින උදෑසන ආරම්භ විය. එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි.
2018-10-25 17:06:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයන් හිදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-10-19 20:59:45
ශ්‍රී ලංකා සංඥා බලකායට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සිකුරාදා (19) වන දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි සැමරුම් උත්සවයක් පැවැත්විනි. උත්සවයට සමගාමීව නව ගොඩනැගිලි සංකීර්ණයක් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් විවෘත කරනු ලැබු අතර, සංවත්සර සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබිය.
2018-10-18 15:52:20
ජාතිය සුරැකීමේ අභීමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව බ්‍රහස්පතින්දා (18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමනු ලැබීය.
2018-10-16 21:35:19
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය නිලධාරි පාඨමාලා අංක - 16 යටතේ පුහුණුව සාර්ථකව හැදෑරු කෙඩෙට් නිලධාරි සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මතකයන් ආවර්ජනය කරමින් අඟහරුවාදා (16) දින පැවැති සුහද හමුව සඳහා එක්විය.
2018-10-15 19:02:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව ඉරිදා (14) දින දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති සංවත්සර වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බී.එස්. විදනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-10-12 20:00:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (12) දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සැමරුම් උත්සවයක් පැවැත්විණි. එහිදි පැවැති වැඩසටහනේ ප්‍රධාන අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ශත වර්ෂ පූර්ණයට විශේෂ වැදගත්කමක් එක් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් සමරු මුද්දරයක් නිකුත් කරන ලදී.
2018-10-11 12:56:10
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන රාගම, රණවිරු සෙවණේ දී කෘතීම අත් පා නිෂ්පාදනාගාරයක් සහ 15,000 කට අදික ආබාධිත රණවිරුවන්ට ශාරීරිකව ඉමහත් ශක්තියක් ලබාදෙමින් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඔක්තෝම්බර් මස 10 දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලැබූ උත්සවයක දී විවෘත කරනු ලැබීය.
2018-10-09 22:30:33
දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතාදුෂ්කරතා මධ්‍යයේ කැපකිරීමෙන් යුක්තව අත්පත් කරගත් සාමය සහ ජාතික ආරක්ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම කාර්යයක් ඉටු කිරීමට මෙන්ම මාතෘ භූමියේ ඇතිවියහැකි ඕනෑම කැරලිකාරී තත්ත්වයක් මඟහරවා ගනීමින් ජාතියේ ආරක්ෂාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉතා සුදානමින් යුක්තව ක්‍රියා කරන බවත් 69 වන....