09th March 2018 16:39:30 පැය
පසුගියදා මහනුවර ප්‍රදේශයේ දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවු කලහකාරි සිදුවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (8) දින උදෑසන එම ප්‍රදේශයන් නිරීක්ෂණ කරන ලදී. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින් වහන්සේ සහ රාජ්‍ය .....
09th March 2018 16:37:24 පැය
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න ගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කට්සුටෝෂි කවානෝ (Admiral Katsutoshi Kawano), සිකුරාදා (09) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කරමින් කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්විය.
08th March 2018 18:16:54 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ආරාධනයෙන් දිවයිනට පැමිණි පුද්ගල නාශක බිම්බෝම්බ ඉවත් කිරීමේ සම්මුතියේ ප්‍රධානි මිරෙඩ් රාඩ් සෙයිඩ් අල්හුසෙන් .....
08th March 2018 08:32:21 පැය
විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතියට සමගාමීව ‘මානසික සංවර්ධනය, සදාචාරය සහ සෞඛ්‍යමය වටිනාකම්’ පිළිබඳ වැඩමුළුවක් සහ පරිත්‍යාග බෙදාදීමේ උත්සවයක් සෙනසුරාදා (3) දින බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ‘ද සැලියුට්’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.
05th March 2018 16:47:35 පැය
පොලිසියේ ඉල්ලීමකට අනුව තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයේ සඳුදා (05) දින සන්ධ්‍යාවේ ඇති වූ කලබලකාරි තත්ත්වය මැඩපැවත්වීම සඳහා පොලිසියේ සහායට යුද්ධ හමුදා සාමාජිකයින් 200 ක් පමණ සීරුවෙන් තබා ඇත. දෙපිරිසක් අතර ඇතිවූ කලහකාරී ගැටුමකදි සිදුවු මරණයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය එම අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු කෙරෙන දින ඇති විය.....
04th March 2018 15:22:41 පැය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 100 අධික යුද්ධ හමුදා භට පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ දායකත්වයෙන් සිකුරාදා (02) දින ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ .....
04th March 2018 14:17:43 පැය
‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය මූලික රෝහලේ යුද්ධ හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද හෙදියන්ගේ නේවාසිකාගාරයකින් සමන්විත නව ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (01) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ...
02nd March 2018 14:31:42 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මීට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධිකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වන ඌනා මැකෞලි මහත්මියගේ (Ms Una McCauley) දේහයට අද (2) දින ....
02nd March 2018 10:15:12 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය විසින් එම බලසේනාවට කෙඩෙට් නිලධාරින් බඳවා ගැනිම සඳහා අයඳුම්පත් කැඳවන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත්, ක්‍රීඩා කුසලතාවයන් හා වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල සුදුසුකම් සපිරි.....
01st March 2018 20:18:44 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාව යටතේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ 75 කට වැඩි භට පිරිසක් එක්ව බදාදා (19) දින රාත්‍රියේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අණපල්ලාගම ප්‍රදේශයේ කුරුමිණියාගල කන්දේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්විය.