07th September 2018 20:58:14 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 02 ක් සහ 35 දෙනෙකුගෙන් යුද්ධ හමුදා සාමාජිකයන් සමන්විත කණ්ඩායමක් විසින් අද (7) දින දහවල් කාලයේදී කොළඹ 2, බේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ඇතිවු හදිසි ගින්න පාලනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
06th September 2018 22:26:27 පැය
සේවා අවශ්‍යතා සඳහා යුද්ධ හමුදාව විසින් මෙතෙක් භාවිතා කරන ලද යාපනය, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තවත් ඉඩම් අක්කර 4.4 ක භූමි ප්‍රමාණයක් අදාළ පාසල් බලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත හිමිගැන්විම බ්‍රහස්පතින්දා (06) දින මයිලඩි හි පැවති කෙටි උත්සවයක දී සිදු කරන ලදී.
06th September 2018 22:22:57 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2500 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 100 කගේ සහභාගිත්වයෙන් සිකුරාදා (07) දින සිට නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතය.
05th September 2018 22:34:43 පැය
රුසියාවේ මොස්කව් නුවර ‘Spasskaya’ කුළුණ පරිශ්‍රයේ පවත්වන ලද ජාත්‍යන්තර සන්නද්ධ හමුදා සංගීත සැණකෙළිය සඳහා එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, මියන්මාරය, ඊශ්‍රායලය, ඉතාලිය, ඕමානය, මොනැකෝ රාජ්‍ය, රුසියාව, ෆින්ලන්තය සහ මෙක්සිකෝව වැනි රටවල් 11 ක් නියෝජනය කරමින් සන්නද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායම් 40 ක්...
05th September 2018 02:34:43 පැය
නායකත්වය සහ ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීමේ අරමුණින් බැංකු නිලධාරීන් 1500 ක කණ්ඩායමක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා පුහුණු පාසල් 6 ක දී සඳුදා (03) දින නායකත්ව පුහුණු වැඩමුළු පවත්වන ලදි. ලංකා බැංකු බලධාරීන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පාබල පුහුණු මධ්‍යස්ථානය - මින්නේරිය, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු .....
04th September 2018 21:18:07 පැය
කොළඹ 13 ප්‍රදේශයේ ඇති බ්ලුමැන්ඩල් කුණු කන්ද හි ඇති වු විශාල ගිනි ගැනිම් තත්වය බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංක භට පිරිස්, කොළඹ මහ නගර සභා ගිනි නිවිම් අංශයේ ගිනි නිවන භටයින් හා එක්ව අගහරුවාදා (4) දින රාත්‍රි 8.00 පමණ වන විට මැඩ පැවැත්වීමට සමත් වී ඇත. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස්.....
04th September 2018 21:16:07 පැය
පාසල් නිවාඩු කාලයෙන් පසු ප්‍රදේශයේ පාසල් රැසක් සඳුදා (3) දින නැවත විවෘත කිරිමට නියමිත අතර බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය සහ 58 වන සේනාංකයට අයත් 141, 142 වන බලසේනාංකයන් හා 581, 582, 583 වන බලසේනාංකයන් හි 200 කට ආසන්න භට පිරිසකගේ දායකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් සැප්තැම්බර් මස 1 වන දින සිට 2 වන දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.
03rd September 2018 21:38:41 පැය
දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳුදා (03) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයක දී රාජකාරි භාරගන්නා ලදි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සෙනසුරාදා (01) දින සිය ධුරයෙන් නික්මයාම හේතුවෙන් එම තනතුර සඳහා බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පත්කරනු ලැබීය.
03rd September 2018 13:49:24 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්විම මත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට නොමිලේ තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමේ අරමුණින් ත්‍රිකුණාමලය, ක්ලැපන්බර්ග් හි ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් පැවැත් වූ ප්‍රථම පරිගණක පාඨමාලාව සඳහා සියලුම ජනවර්ග නියෝජනය කරමින් පාසල් සිසුන් 52 ක් සහභාගි වූ අතර, එහි සහතික පත් ප්රදානෝත්සවය අගෝස්තු මස 03 වන දින පවත්වන ලදි.
01st September 2018 22:38:26 පැය
පාකිස්තානු යුද්ධ හමුදාවේ පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අබිඩ් රෆික් (Major General Abid Rafique) ඇතුළු පාකිස්තානු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හතර දෙනෙකු සෙනසුරාදා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.