30th March 2019 11:32:00 පැය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් ගේ සම්බන්ධතාවයෙන් මූල්‍යමය අපහසුතාවන්ගෙන් පීඩා විධින පුද්ගලයෙකු හට නව නවසක් ඉදිකරදෙන ලදී.
29th March 2019 13:03:37 පැය
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ක්‍රියාන්විත නියෝජ්‍ය ප්‍රධානි මේජර් ජෙනරාල් රොජර් නෝබල් (Major General Roger Noble) ඇතුළු ඕස්ට්‍රේලියානු නාවික හමුදා සාමාජිකයින් 1000 කට අධික පිරිසක් ‘HMAS Canberra’ ඕස්ට්‍රේලියානු නෞකාවෙන්...
29th March 2019 10:03:37 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශූරතාවලිය - 2019 සුගතදාස ගෞහස්ථ ක්‍රීඩාංගනයේදි මාර්තු 27 සහ 28 යන දෙදින පුරා පැවැත්විය. මෙම තරගාවලියේ අවසන් දින ත්‍යාග ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (28) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය.
28th March 2019 14:55:47 පැය
ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ගරු ඇලිනා බී ටෙප්ලිට්ස් (HE Alaina B Teplitz) බ්‍රහස්පතින්දා (28) දින කොළඹ පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඇමෙරිකානු තානාපතිනිය....
28th March 2019 10:56:24 පැය
යුද්ධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තිරියාය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 03 ක්, පෙරියානිලවේලීන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 0.5 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සහ තිරුක්කෝවිල්....
28th March 2019 10:45:35 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඔරු පැදීමේ හා රුවල් ඔරු පැදීමේ සංගමය විසින් බදාදා (27) දින පවත්වනු ලැබූ ඔරු පැදීම හා රුවල් ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය - 2019 තරඟාවලියේ වයස අවුරුදු 23 පහල බාලක තරඟයේ ජාතික ශූරතාවය හා විවෘත ජාතික ශූරතාවය....
25th March 2019 19:34:56 පැය
යුද්ධ හමුදා වෙරළ ක්‍රීඩා කමිටු සභාපති මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි.විද්‍යානන්ද ගේ යෝජනාවකට අනුව වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා කිලෝ මීටර් 06 ක කිංරෝස් මුහුදු පිහිනුම් ශූරතාවලිය සඳහා....
25th March 2019 15:00:55 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ සහ බස්නාහිර පළාතේ සියලුම කඳවුරුවල සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (22) දින උදෑසන පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම යුද්ධ හමුදා විහාරස්ථාන පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් ‘ත්‍රිපිටකාභිවන්දනා’ ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදී.
25th March 2019 11:36:55 පැය
‘ත්‍රිපිටකය’ ලෝක උරුමයක් ලෙසට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමේ මහා පිංකමේ ප්‍රධාන උත්සවය ශ්‍රි දළඳා මාලිගා පරිශ්‍රයේදි සෙනසුරාදා (23) දින පැවත් වූ අතර එම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම උතුම් පිංකමේදි ‘ත්‍රිපිටකය’ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ යෝජනාව....
22nd March 2019 18:04:13 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට සහභාගීවීමට දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ තුන්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, සිකුරාදා (22) දින මධ්‍යහනයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය මුණසිංහ සහ කොළඹ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහභාගී වූහ.