2021-04-26 06:04:23
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කුට්ටිගල ස්ථාපිත ඒකකය විසින් බඩඉරිඟු වගාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම පිණිස බිත්තර බීජ සඳහා බීජ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා (17) වන දින ආරම්භ කරන ලදී. ඒ සඳහා ඇඹිලිපිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම නිලධාරීන් සහ ඇඹිලිපිටිය කෘෂිකර්ම මණ්ඩලයේ උපදේශන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදී.
2021-04-25 20:19:43
ජාතික වෘත්තිය පුහුණු විශිෂ්ඨතා සම්මාන - 2021 වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෘත්තීය පුහුණුව ලබාදෙන රාජ්‍ය අයතන අතරින් ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු...
2021-04-25 19:56:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා 31 වන සංවත්සරය ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2021-04-24 21:00:52
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත...
2021-04-24 20:27:30
දිවයිනපුරා යළි ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් යාපනයේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින යාපනය ශික්ෂණ රෝහල් පරිශ්‍රය, බසාර් වීදිය සහ නගරයට යාබද ප්‍රදේශ...
2021-04-24 14:27:30
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 21 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් මොහාන් රත්නායක එම සේනාංකයේ භටපිරිස්වල ගෞරවාචාර මධ්‍යයේ ඉකුත් බදාදා (21) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.
2021-04-24 09:01:37
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබු ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ පිළිබඳ ...
2021-04-24 08:01:37
අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 895 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 880 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 218 ක් ලෙසය. ඊට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 365 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
2021-04-24 07:01:37
රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනයේ (RITTI) පවත්වනු ලැබු සංයුක්ත තොරතුරු තාක්ෂණ (AIT) පාඨමාලාව අංක 12 සාර්ථකව හැදෑරු භටපිරිස් සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා යුද්ධ හමුදා භඨකාර්ය කාර්ය සම්පාදන පුහුණු පාසලේදී (ASL) පැවැත්විණි. යුද්ධ හමුදා භඨකාර්ය කාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රංජන් ජයසේකර විසින් පාඨමාලාවේ සමාප්ති දේශණය සිදුකරන ලදී.
2021-04-23 22:29:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යහසාධක අරමුදල පිළිබඳ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දිනක මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.