Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2024 15:44:57 Hours

112 පාබල බලසේනාවේ 73 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

112 පාබල බලසේනාවේ 73 වැනි සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) වන පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේදී, බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් භටපිරිස් ඇමතූ අතර, සාම්ප්‍රදායික සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය.

උත්සව අවස්ථාවට 112 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.