Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 20:39:02 Hours

ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදාධිපතිතුමන් පැරෂුට් පුහුණු පෙරහුරුවේදී තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ජී.ඩී.එච් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා නිරීක්‍ෂණ චාරිකාව නිරත විය.

ආරක්‍ෂක ලේකම්තුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රථමයෙන් තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර ලබන ගුවන් හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසා අනතුරුව කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත ගොස් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.

ආරක්‍ෂක ලේකම්තුමන් එහිදී හමුදා සාමාජිකයන් සමඟින් අදහස් හුවමාරු කරගනිමින් සුවදුක් විමසූ අතර, අනතුරුව ඔවුන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් පිළිබඳවද සොයා බලමින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉදිරි ප්‍රථිකාර කටයුතු පිළිබඳව විමසුවේය.

76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පැවති පැරෂුට් පුහුණු වීම් අතරතුරදී යුද්ධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් අනතුරකට ලක්විය.