Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 19:45:37 Hours

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින සංවිධානය කරන ලදී.

68 පාබල සේනාංකය මගින් මීට පෙර ද මෙවැනි වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, එහිදී ඇසේ සුද ඉවත් කිරීමේ සායනය සඳහා යොමුකරනු ලැබූ තෝරාගත් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 107 දෙනෙකු වෙතද මෙම වැඩසටහනේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරනු ලැබූහ.

මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත නැවත පදිංචි කිරීම් සහ පුනරුද සංවිධානයේ සහකාර ලේකම් වෛද්‍ය වී සවේස්වරන් මහතා මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය. වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වූහ.