Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2024 20:15:15 Hours

‘සීගල්’ යුද අභ්‍යාසය - 2024, සාර්ථකව අවසන්

ත්‍රිවිධ හමුදා භටපිරිස්වල සහභාගීත්වයෙන් යාපනය අර්ධද්වීපයේ උතුරු මුහුදු ප්‍රදේශයේ පලතිව් දූපතේදී ජනවාරි මස 08 දින සිට 11 දින දක්වා ‘සීගල්’ යුද අභ්‍යාසය පැවැත්විණි.

මෙම යුද අභ්‍යාසය මඟින් ක්‍රියාන්විත කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම, වෙරළ තීරය ආරක්‍ෂාව තරකිරීම සඳහා භටපිරිස් යෙදවීම, නාවික යාත්‍රා වලින් පැමිණෙන භටපිරිස් ස්ථානගත කිරීම, සතුරු පාර්ශවය අඩපන කිරීම, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම, තුවාලකරුවන් ඉවත් කිරීම සහ ආපදා සහන සේවා සැපයීම ආදී කටයුතු සඳහා භටපිරිස් පුහුණු කිරීම සිදුකරයි. මෙම අභ්‍යාසය සඳහා යුද්ධ හමුදාවේ නිලධාරීන් 42 දෙදෙනෙකු සහ සෙසු නිලයින් 360 දෙනෙක්ද, නාවික හමුදාවේ නිලධාරීන් 62 දෙදෙනෙකු සහ සෙසු නිලයින් 618 දෙනෙක්ද සහ ගුවන් හමුදාවේ නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 09 දෙනෙක්ද සහභාගී වූහ.

අවසන් යුද අභ්‍යාසය පසුගිය සිකුරාදා (ජනවාරි මස 12) දින පැවති අතර, එය නිරීක්‍ෂණය සඳහා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ටී.එම්.ඒ.ඒ තෙන්නකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී එන්ඩීයූ, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.