Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2024 19:55:21 Hours

මෙරට බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී භාරගනු ලැබූ කොමදෝරු එම් මොනිරුසාමන් (ටීඒඑස්) එන්ජීපී පීඑස්සී බීඑන් (Commodore M Moniruzzaman (TAS) NGP psc BN) සිකුරාදා (ජනවාරි මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

එම සුහද හමුවේ ප්‍රධාන අරමුණ වූයේ දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර පවතින ද්විපාර්ශවීය සබඳතා සහ මෙරට හමුදා සාමාජිකයින් සඳහා යුධ පුහුණු පාඨමාලා සහ එම ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමයි.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය.