Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2023 20:50:04 Hours

5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස් ගර්භනී මාතාවන්ට පෝශ්‍යදායි සලාක පාර්සලයක් ලබාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකය යටතේ ඇති 222 පාබල බළසේනාවේ බළප්‍රදේශයට අයත් 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස් විසින් අග්බෝපුර ආර්ථීක දුක්ෂරතා අති ගැබිණි කාන්තාවන් 20 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත පාර්සල් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23) දින අග්බෝපුර ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකයේ දී බෙදාදෙන ලදී.

මෙම වැඩසටහනට ශාන්ති ලතා මහත්මිය,ඉන්ද්‍රානි ස්වර්ණලතා මහත්මිය, කුමුදුනී මහත්මිය, වසන්ත දියවඩන මහතා සහ කමලසිරි දියවඩන මාහතාගේ අනුග්‍රාහක දයකත්වය මත ධාන්‍ය වර්ග සහ ළදරු අවශ්‍යතා සහිත වටිනා කම රුපියල් 10,000 ක පාර්සලයක් සැම ගර්භනී කාන්තාවකට බෙදාදෙන ලදී.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ජ්‍යේෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යුඑස්පී පීඑස්සී අයිජී ගේ දායකත්වයෙන් ව්‍යාපෘතිය සාර්තකව පවත්වන ලදී.