Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2023 16:50:37 Hours

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ඉන්දියාවේ, පූනේ හි පැවති සම්මන්ත්‍රණයේ සම්භාවනීය දේශකයෙකු ලෙස සහභාගී වෙයි

ඉන්දියාවේ පූනේ හි පැවති අභාවප්‍රාප්ත ජෙනරාල් බිපින් රාවත් අනුස්මරණ සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 18 සහ 19 යන දෙදින තුල පැවති අතර, ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ (INSS) අධ්‍යක්‍ෂ ජෙනරාල් කර්නල් එම්.බී.බී.එන් හේරත් ආර්එස්පී, සහභාගී විය. මෙම සම්මන්ත්‍රණයේදී බංගලාදේශට , නේපාලය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල ආරක්‍ෂක සහ උපාය මාර්ගික කටයුතු පිළිබඳ විශේෂඥයින් විසින් ‘Regional Security: Issues, Challenges and Opportunities’ යන මාතෘකාව යටතේ ඔවුන්ගේ දැනුම සහ අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සම්මන්ත්‍රණය පූනේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ “විෂ මිත්‍ර” (Vishva-Mitrata) මාලාවේ කොටසක් වන අතර, මෙය HQ Southern Command හි සහයෝගීතාවයෙන් පවත් වන ලදී.

එහිදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්නල් එම්.බී.බී.එන් හේරත් ආර්එස්පී විසින් භූගෝලීය දේශපාලන තුල අනෙකුත් සමකාලීන ලක්‍ෂණ පෙන්නුම් කරන කලාපීය රටවල් අතර, ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අංශ කිහිපයක් යටතේ පැමිණ සිටි පිරිස වෙත සිය අදහස් දැක්වීය.

නේපාල හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් පවන් පාන්ඩේ (Lieutenant General Pawan Pande), බංගලාදේශයේ හිටපු මහ කොමසාරිස් සහ හිටපු සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඒ.එස්.එම්.ඒ අවාල් (විශ්‍රාමික) (Rear Admiral A.S.M.A. Awal) ද මෙම දේශනය සඳහා සහභාගී වූ කීර්තිමත් දේශකයන් වූහ.

මෙහිදී දකුණු ආසියාතික රටවල ජාතීන් අතර පවතින ආර්ථික සම්බන්ධතාවයන්හි වැදගත්කම සහ වටිනාකම් හුවමාරු කරගැනීම වැදගත්කමද එහිදී අවධාරණය කළ අතර, එම ජාතීන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳවත් ආර්ථික වර්ධනයේ සහ ආයෝජන අවස්ථා පිළිබඳ අනාගත සැලසුම් පිළිබඳව ද සකච්ඡා කරනු ලැබීය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මෙම සමුළුවේදී වැඩි වශයෙන් සාකච්ඡා කළඅතර, ආරක්‍ෂක සූදානම, ජලය, ආහාර, සෞඛ්‍යය, බලශක්තිය, තාක්‍ෂණය, ආපදා, වසංගත සහ භූ-උපායමාර්ගික වර්ධනයන් වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරයි.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය තානාපති, ආරක්‍ෂක අධ්‍යයන හා විශ්ලේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුජාන් චිනෝයි (Sujan Chinoy) විසින් පවත්වන ලද අතර, පිළිගැනීමේ කතාව ඉන්දීය හමුදා දකුණු අණදෙන විධානයේ සේනාංකාධිපති ලුතිනන් ජෙනරල් අජේ කුමාර් සිං (Lieutenant General Ajai Kumar Singh) විසින් සිදු කරන ලදී. විශේෂ දේශනය චීනය, භූතානය සහ පාකිස්තානයේ හිටපු ඉන්දීය තානාපති ගෞතම් බම්බවාලේ (Gautam Bambawale) විසින් සිදු කරන ලද අතර, ජාතික ආරක්‍ෂාව පිළිබඳ පූනේ සම්මන්ත්‍රනයේ කැඳවුම්කරු (විශ්‍රාමික) ලුතිනන් ජෙනරාල් විනායක් පටන්කාර් (Lieutenant General Vinayak Patankar) සම්මන්ත්‍රණයේ ආරම්භක දේශන පවත්වන ලදී.